පාසල් ගීතය
අමරස සාදන විදු ආලෝකෙනි,
අප නැණ නෙත පෑදෙව් තරිදේ
විජේරියේ අප විදුහල් මාතා
නමදිමු බැතිනි හදේ
අමරස සාදන ............//
පෙරපර දෙස විදු සතර ලොලා
කෙළි නළු සිතුවම් ලලිත කලා
දෙව්මිණි වියතුන් තනන තුරා
යනු මැන ඔබ නව දියුණ බලා
අමරස සාදන ............//
එක මවකගෙ එක දරුවො ලෙසා
දෙස බස රැස දියුණුම සලසා
එක හිත එක හෘදය එක අදහස
පායමු දියුණ බලා
අමරස සාදන ..........//
සිහරජ කන්දෙන් ගලනා ගඟුලැලි
මිණි බිම දස අත රැස් විහිදූ
සිරිබර පරිසරයක අප විදුහල
බැබළේ සුමන විදූ
අමරස සාදන .............//