♠අපේ පාසලේ අතීතය ♠
සබරගමු පළාතෙ රත්නරපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටි අද්‍යාපන කලාපයේ විජේරිය ග්‍රාමයේ ඉතා දර්ශනීය භූමියක මෙම ව්ද්‍යාලය පිහිටා ඇත.19 ව්න සියවසේ අගභාගය වන විට විදේශීය ආදිපත්‍ය යටතේ විවිධ බලපෑම් දිවයිනේ අස්සක් මුල්ලක් නැර පැතිරෙමින් මිශනාරි අද්‍යාපනයා මේ ප්‍ර්දේශවල ද ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබිණි. මෙයට විරෝධයක් වශයෙන් 1878 වර්ෂයේ එක්තරා දිනයක විජේරියේ ශ්‍ර් විසුද්ධාරාම විහාරාධිපතිව වැඩ විසූ විජේරිය සුමන සාර හිමිපාණන් විසින් විහාරස්ථානයට ප්‍රදේශයේ දරු දැරියන් කිහිප දෙනෙකු කැඳවා ගෙන පාසල ආරම්භ කරන ලදී.1885 දී ගම්වැසියන් විසින් තනවන ලද පොල්අතු මඩුවක ට ගෙන ආ පාසල විසිවෙනි සියවසේ මුල් භාගය වන විට රජය විසින් තනවන ලද ස්ථිර ගොඩනැඟිල්ලකට ගෙන ඒමට හැකි විය. පසු කලෙක මෙය විජේරිය සුමන විදුහල යන නමින් හඳුන්වන ලැබුවේ සුමනසාර නා හිමියන්ට ගෞරව කිරීමක් වශයෙනි. 1950 දී මෙය කනිෂ්ඨ ඉංග්‍රීසි පාසලක් වශයෙන් උසස් කරන ලදුව 6 වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දීම ආරම්භ කළ මෙම විදුහල එවකට ප්‍රදේශයටම වූ එකම ඉංග්‍රීසි පාඨශාලාව වීය. ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක වූයේ ඒ.එෆ් මොලමුරේ මහතා විසින් ගොඩනැගිලි දෙකක් විදහට ලබා දෙන ලද අතර එම වර්ෂයේම මෙය ජේශ්ඨ ඉංග්‍රීසි විදුහලක් ලෙස උසස් කිරීමක්ද සිදුවේ. 1963 super grade senior නමින් දිවයිනේ නේවසිකාගර සහිත මහ විදුහල් දෙකක් අතරින් නේද එකක් විය. (අනික බණ්ඩාර එළ මහා විදුහලයි.)
♦සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ විජේරිය ග්‍රාමයේ ප්‍රධාන මාර්ගයට ආසන්න ඉතා දර්ශනීය උස් භූමියක විජේරිය සුමන මහා විද්‍යාලය පිහිටා ඇත. සිංහරාජ වන අඩවිය සමීපයේ මනස්කාන්ත පරිසරයකින් හෙඹි සුමන විදු භූමිය නැරඹීමෙන් කෙනෙකුට ලැබිය හැකි සතුට ඉමහත්ය. මෙම ශාන්ත සුන්දර පරිසරයේ අධ්‍යාපනය ලබන දරුවන්ට මහත් ආශිර්වාදයකි.
විදේශ ආධිපත්‍ය යටතේ වූ විවිධ බලපෑම් දිවයිනේ අස්සක් මුල්ලක් නෑර පැතිරිමෙන් පැවති දහනවවන සියවසේ අගභාගය වන විට අධිරාජ්‍යවාදීන්ගෙන් පිරිනැමුණු දායාදයක් ලෙස මිෂනාරී අධ්‍යාපනය මේ ප්‍රදේශවල ද ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබුණි. මෙම ග්‍රහණයෙන් ගමේ දරුවන් බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන්, 1878 වර්ශයේ එක්තරා දිනයක විජේරිය ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයට ප්‍රදේශයේ දරු දැරියන් කිහිප දෙනෙකු කැදවාගෙන එවකට විහාරාධිපතිව වැඩ විසූ විජේරියේ සුමනසාර හිමිපාණන් විසින් මෙම විද්‍යස්ථානයේ ආරම්භය සිදු කරන ලදී.
වර්ෂ 07 ක කාලයක් විහාරස්ථානය ආශ්‍රිතව නා හිමියන්ගේ සෙවනේ පැවතුනු මෙම විදුහල 1885 දැනට පාසල පිහිටා ඇති භූමියේ දී ගම් වැසියන් අතින් තැනුනු පොල් අතු මඩුවකට ගෙන ඒම සිදු විය. කාලාන්තරයක් මෙහිම පවත්වාගෙන ගිය විදුහල විසිවන සියවසේ මුල් භාගය වන විට රජය විසින් තනවන ලද ස්ථීර ගොඩනැගිල්ලකට ගෙන ඒමට හැකි විය.
පසු කලෙක මෙය විජේරිය සුමන විදුහල යන නමින් හඳුන්වනු ලැබුයේ සුමනසාර නා හිමියන්ට ගෞරව කිරීමක් වශයෙනි.
1950 දී මෙය කණිෂ්ඨ ඉංග්‍රීසි පාඨශාලාවක් වශයෙන් උසස් කරන ලදී.6 වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධයෙන් අධ්‍යාපනය දීම ආරම්භ කළ මෙම විදුහල එවකට ප්‍රදේශයටම වූ එකම ඉංග්‍රීසි පාඨශාලාව විය.
බලංගොඩ ආසනය නියෝජනය කල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායක ධූරය හෙඹවූ ඒ.එෆ්.මොලමුරේ මහතා විසින් ඉතා ශක්තිමත් හා දර්ශනීය අඩි 100 « 20 ගොඩනැඟිලි 2ක් විදුහලට ලබා දෙන ලදී. 1952 එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ එම්.ඩී බණ්ඩා මහතා අතින් මෙම ගොඩනැඟිලි විවෘත කිරීම සිදු වූ අතර එම වර්ශයේම මෙය ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි විදුහලක් වශයෙන් උසස් කිරීමද සිදු විය.
1963 Super Graded Senior Schools නමින් දිවයිනේම නේවාසිකාගාර සහිත මහ විදුහල් දෙක අතරින් මෙයද එකක් විය.(අනෙක බණ්ඩාරවෙල මහ විදුහලයි)
අනතුරුව මෙය ප්‍රදේශයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය වශයෙන් සලකා අවට කුඩා පාසල් වලින් පෝෂණය වීම අරමුණු කොටගෙන 1963 සකලාංග සම්පූර්ණ මහා විදුහලක් බවට පත් කෙරුණි. වසරින් වසර දියුණු වී 2010 -2018 කාලයේ ඉසුරු පාසල් හා පාසල් දහසේ වැඩ සටහන මඟින් 6 - 13 දක්වා පන්ති පැවැත්වෙන ද්විතියීක පාසලක් බවට භෞතිකව සංවර්ධනය වූ අතර එතෙක් පැවති උසස් පෙළ කලා,වාණිජ විෂය ධාරාවන්ට අමතරව 2011 දී විද්‍යා විෂය ධාරාවද, 2014 දී තාක්ෂණ විෂය ධාරාව ද ආරම්භ කර ඇත. වර්තමානය වන විට පාසල් වපසරිය අක්කර නමය හමාරකින් පමණ සමන්විත වන අතර අක්කර 5ක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා ර්‍සූදානම් කරමින් පවතී.පරිපාලන ඒකකය,තාක්ෂණ පීඨය, මහින්දෝදය විද්‍යාගාරය හා පරිගණක විද්‍යාගාරය ඇතුලු ගොඩනැඟිලි 12ක් ඇති අතර ගුරු මණ්ඩලය 43ක්ද, අනධ්‍යන කාර්යය මණ්ඩලය 08ක් ද වන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 580කි. වර්තමාන විදුහල්පති ලෙස ඩබ්. අජිත් රත්නසිරි මයා මෙහි සේවය කරන අතර නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන) ලෙස එස්.එච්. විජයනන්ද කුමාරසිරි මයාද, නියෝජ්‍ය විදුහල්පතිනී (පරිපාලන) කේ.එස්.ආර්. වීරසිංහ මියද, විෂය සමගාමී සහකාර විදුහල්පති ලෙස එස්.එන්.එච්.බී.විජේබණ්ඩාර මහතාද විද්‍යාලයේ සේවය කරනු ලබයි.
ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය සංගමයක් පාසල තුළ ක්‍රියාත්මක වන අතර පාසලේ පාසල් සංවර්ධන විධායක කමිටු ක්‍රියාකාරීත්වය පාසලට මහත් අස්වැසිල්ලකි.
දෙස් විදෙස් විද්වතුන් විශාල ප්‍රමාණයක් බිහි කර ඇති මෙම විදුහලේ ඕස්ට්‍රේලියාවේ පදිංචි මහාචාර්යය මලියසේන මහතාද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාරි තෝරදෙණිය මහත්මියද, කොළඹ රේගු දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වයි.ජී. මොරගොඩ මහතා වැනි ආදී විද්වතුන් විද්‍යාලයට ලබා දී ඇත්තතේ මහත් කීර්තියකි.
ජයග්‍රහණ
2019 වසරේ උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සුදත් රත්න ශ්‍රී දරුවා සමත් විය. 2020 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ මහ විද්‍යාල අතරින් ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ 94% ක ප්‍රතිපල ලබමින් ප්‍රථම ස්ථානය ලැබූ අතර පෙනී සිට සිසුන් 64 දෙනාම අ.පො.ස. උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබීය. එසේම 2020 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සිසු සිසුවියන් සිව්දෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලැබීය.
තවද විශේෂ වූ කරුණක් ලෙස කොලොන්න අධ්‍යාපන කොට්ඨාසයේ කොට්ඨාස අධ්‍යක්ෂ ඩබ්. සුජිත් ප්‍රියන්ත මයාද,වර්තමාන විදුහල්පති ඩබ්.අජිත් අත්නසිරි මයාද, නියෝජ්‍ය විදුහල්පති එස්.එච්. විජයනන්ද කුමාරසිරි මයාද, නියෝජ්‍ය විදුහල්පතිනී කේ.එස්.ආර්. වීරසිංහ මහත්මිය ද පාසලේ අදි සිසුන්ය. ගුරු මණ්ඩලයේද වැඩි පිරිසක් පාසලේ ආදි සිසුන් වීම විශේෂ කරුණකි. එසේම කොලොන්න අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 36න් පාසල් 12කම විදුහල්පතිවරුන් ර/ඇඹි/ විජේරිය සුමන මහා විද්‍යාලයේ ආදි සිසුන්ය.
ශිෂ්‍ය පෞරුෂ සංවර්ධනය සඳහා ශිෂ්‍ය පාර්ලිමේන්තුව, ශිෂ්‍ය භට කණ්ඩායම, පරිසර නියමු භට කණ්ඩායම, ශිෂ්‍ය නායක මණ්ඩලය, සුමන මාධ්‍යය ඒකකය, ප්‍රථමාධාර කණ්ඩායම,තූර්ය වාදක කණ්ඩායම,නර්තන කණ්ඩායම, ශිෂ්‍ය උපදේශනය, ක්‍රීඩා හා ශිෂ්‍ය සංගම් ආදී විෂය බාහිර කටයුතු රාශියක් ගුරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.
2021 වර්ෂයේ ජාතික පාසලක් ලෙස නම් කරන ලද විජේරිය සුමන මහා විද්‍යාලය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නවෝතපාදන විද්‍යාගාර (සෙසිප්) වැඩසටහනද ක්‍රියාත්මක වන පාසලකි.ඒ සඳහා අවට පෝෂක පාසල් 13ක් අයත්ය.
මෙම විදුහල උසස් තත්වයට ගෙන ඒමට ඇප කැප වී ක්‍රියා කල විදුහල්පතිවරුන් වන දිවංගත එම්.අයි.එස්.කේ.හේමානන්ද මහතා,එච්. ජී. දිසානායක මහතා,බී.එච්.ධනපාල මහතා, වෑ.ඈ. කරුණාරත්න මහතා, සූජීවත්ව සිටින රංජිත් ගලබඩ මහතා,ඩබ්.වීරසිංහ මහතා,වන්ද්‍රා කරණාරත්න මිය,රණකෙලියේ පඤ්ඤාසීහ හිමි,ප්‍රේමදාස බදුලපිටිය මයා කෘතඥතා පූර්වකව සිහිපත් කල යුතුය.
ශත වර්ෂාධික කාලයක් ප්‍රදේශය පුරා ඥානාලෝකය විහිද වූ මෙම විද්‍යස්ථානය අනාගතයේ දී එය සියදහස් ගුණයෙන් වැඩි කරමින් අනාගත දරු පරපුරේ නුවණැස දල්වන ප්‍රදීපස්ථම්භයක් බවට පත් වේවා යනු කාගේත් ඒකායන පැතුම වේ.
2010-2018 කාලය ඉසුරු පාසල් හා පාසල් දහය වැඩසටහන මගින් 6-13 දක්වා පන්ති පැවැත්වෙන ද්විතීක පාසලක් බවට ද භෞතික සංවර්ධනය වූ අතර උසස් පෙළ කලා වාණිජ විද්‍යා සහ තාක්ෂණ විෂය ධාරාවක් දක්වා වර්ධනය විය. වර්තමාන වනවිට පාසල් වපසරිය අක්කර නවය හමාරකින් පමණ වන අතර අක්කර පහක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා සූදානම් කරමින් පැවැති. පරිපාලනය ඒකකය තාක්ෂණ පීඨය, මහින්දෝදය විද්‍යාගාරය හා පරිගණක විද්‍යාගාරය කින් සමන්විත මෙම පාසලේ ගුරු මණ්ඩලය හතළිස් තුන් දෙනෙක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලය අට දෙනෙක් ද වේ.
|
ආරම්භ කළ වර්ෂය |
1878 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
08 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/ඇඹි/විජේරිය සුමන මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1900 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කොලොන්න,වියේරිය ග්‍රාමයේ පොල් අතු පැලක |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1878 |
{QF3=5}