![]() |
![]() |
![]() |
| ප්‍රන්සිස් මොලමුරෙ මහතා | විජෙරියෙ සුමනසාර හිමි | මඩුවන්වෙල දිසාවෙ |
කොලොන්න ගම් පත්තුවේ බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් රැකගැනීමේ පරම චේතනාව මුල් කර ගනිමින් කුඩා පාසලක් පිහිටු වීමෙ අවශ්‍යතාව තදින් ඉස්මතු විය. එම මහගු කාර්‍ය සදහා පුරෝගාමිත්වය ලබා දුන්නෙ එවකට විජේරිය සිරි විසුද්ධාරාමයේ වැඩ සිටි විජේරිය සුමණසාර හිමිපාණෝය.එම හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් 1878 දී මෙම විදුහල ආරම්භ කරන ලද අතර එදා මෙදා තුර කොලොන්න ගම් පත්තුවේ සියලු දෙනාගේම ගෞරවාදර භක්ති ප්‍රණාමයෙන් උන් වහන්සේට හිමි වේ.
මුල් කාලයේ අතු සෙවිලි කල කුඩා ශාලා දෙකකින් යුක්ත්ව මෙම අධ්‍යාපන අයතනය 1885 වන විට ගුරුභවතෙකුගෙන් හා සිසුන් 13 දෙනෙකුගෙන් සමන්විත විය. ප්‍රදේශයේ පැවති ආර්තික හා ස්මාජීය දුශ්කරතා මධ්‍යයේ කෙමෙක් දියුණුව කරා පිය නගමින් ඉතා කෙටි කලකින් කනිශ්ට විද්‍යාලයක් බවට පත් විය.ප්‍රථම විදුහල්පති වූයේ P.L.තිසේරා මහතාය.


